fbpx
Thursday, August 4, 2022
Home / How To  / අපිරිසිඳු නාන කාමරය පිරිසිඳු කරගන්නේ මෙහෙමයි

අපිරිසිඳු නාන කාමරය පිරිසිඳු කරගන්නේ මෙහෙමයි

නාන කාමරය කියන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන දෙයක්නේ.ඒ වගේම නිවසේ මුළුතැන් ගෙය වගේම නිරන්තරයෙන් අපිරිසිඳු වන ස්ථානයක්.කොච්චර පිරිසිඳු කලත් වැඩක් නැහැ කියලා ඔබ හිතනවත් ඇති.ඒ නිසා අද අපි කතා කරමු නාන කාමරය පහසුවෙන්ම පිරිසිඳු කරගන්නේ

නාන කාමරය කියන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන දෙයක්නේ.ඒ වගේම නිවසේ මුළුතැන් ගෙය වගේම නිරන්තරයෙන් අපිරිසිඳු වන ස්ථානයක්.කොච්චර පිරිසිඳු කලත් වැඩක් නැහැ කියලා ඔබ හිතනවත් ඇති.ඒ නිසා අද අපි කතා කරමු නාන කාමරය පහසුවෙන්ම පිරිසිඳු කරගන්නේ කොහොමද කියලා

 

කණ්නාඩිය

 

 

ගොඩක් වෙලාවට කණ්ණාඩි අඳුරු පැහැ වෙන නිසා මුහුණ හරියට පෙන්නේ නැති වෙනවා.ඉතින් කන්නාඩිය පිරිසිඳු කරගන්න බ්ලැක් ටී සහ බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍ර කරගන්න.ඊටපස්සේ මිශ්‍රණය රෙදි කැබැල්ලක පොඟවා ගෙන කණ්නාඩි පිස දමන්න.

 

ෂවර් එක

 

ෂවර් එකේ හිල් ඇතුලේ ඉක්මනටම දිය සෙවල බැඳෙනවා.ඒකට කරන්න තියෙන්නේ පොලිතීන් බෑගයකට විනාකිරි පුරවා ෂවර් එකේ ගැට ගසන්න.පැයක් පමණ තිබෙන්නට හැර බෑගය ගලවන්න.ඉන්පසුව තවත් විනාඩි කීපයකින් ෂවර් එක අරින්න. එතකොට ඉතින් ෂවර් එක අලුත් වගේ පෙනුමක් ලැබෙනවා

 

කොමඩ් එක

 

කොමඩ් එකේ ඇති පැල්ලම් ඉවත් කරගන්න කොකාකෝලා බෝතලයක ඇති කොකාකෝලා කොමඩ් එකට දමන්න.පසුව මිනිත්තු 60ක් එසේ තිබෙන්නට හැර අතුල්ලා සෝදා හරින්න.

 

සින්ක් එක

 

සින්ක් එක නිතරම භාවිතා වෙන නිසා ඉක්මණින් අපිරිසිඳු වෙනවා.ඒ නිසා සින්ක් එකට බේකින් සෝඩා හා විනාකිරි දමා අතුල්ලන්න.ඊට පස්සේ උණු වතුරෙන් සෝදා හරින්න.