fbpx
Sunday, August 7, 2022
Home / Home Decor  / නිවසට ලැබෙන ආලෝකය සමඟ බිත්ති වර්ණ ගලපන්නේ මෙහෙමයි.

නිවසට ලැබෙන ආලෝකය සමඟ බිත්ති වර්ණ ගලපන්නේ මෙහෙමයි.

සාමන්‍යයෙන් අපි ගෙදර බිත්ති වල තීන්ත ගානකොට කිසිම දෙයක් හිතන්නේ නැහැනේ.අපි කැමති අපේ හිතේ තියෙන colour එකක් බිත්ති වල ආලේප කරනවා.හැබැයි ඒ වර්ණ එක්ක දිවා සහ රාත්‍රී ආලෝකය වෙනස් වෙන්නේ කොහොමද කියලා දැකල තියෙනවද.මම නම්

සාමන්‍යයෙන් අපි ගෙදර බිත්ති වල තීන්ත ගානකොට කිසිම දෙයක් හිතන්නේ නැහැනේ.අපි කැමති අපේ හිතේ තියෙන colour එකක් බිත්ති වල ආලේප කරනවා.හැබැයි ඒ වර්ණ එක්ක දිවා සහ රාත්‍රී ආලෝකය වෙනස් වෙන්නේ කොහොමද කියලා දැකල තියෙනවද.මම නම් හිතන්නේ ඔබ කවදාවත් ඒ විදිහට වුවමනාවෙන් දැකලවත් බලලවත් නැහැ .හැබැයි ඔබ ඒ දේ දිහා බැලුවොත් තේරෙයි ඇත්තටම දිවා සහ රාත්‍රී කාල වලදී ආලෝකය වෙනස් වෙනවා කියලා.ඒ විදිහට හිතලා තීන්ත ආලේප කිරීම ගොඩක් වැදගත්

 

බල්බ වර්ගය අනුව බිත්ති වල වර්ණය වෙනස් වන ආකාරය

 

Fluorescents බල්බ

 

Fluorescents බල්බ වලින් නික්මෙන ආලෝකය අයත් වෙන්නේ සිසිල් ගණයට.නිල් සහ කොල පැහැයෙන් යුතු බිත්ති මතට වැටීමෙන් ඒවායේ වර්ණයට දීප්තිමත් පෙනුමක් එකතු කරනවා.ඉතින් ඔබ ඔබගේ නිවසේ කාමර වලට Fluorescents බල්බ දාන්න හිතනවා නම් එහි බිත්ති වල නිල් සහ කොල පැහැ තීන්ත ආලේප කරන්න

 

Incandescents බල්බ

 

මෙම බල්බ වලින් නිකුත් කෙරෙන්නේ උණුසුම් කහ වර්ණයකි.Incandescents බල්බ වල ආලෝකය රතු, තැඹිලි සහ කහ වර්ණ ආලේප කල බිත්ති වල පෙනුම විචිත්‍ර කරගන්න පුළුවන්

 

Halogens බල්බ

 

මේ Halogen බල්බ වල ආලෝකය ස්වාභාවික ආලෝකයට සමානයි .ඒ නිසා ඕනෑම වර්ණයකට වඩාත් විචිත්‍රවත් පෙනුමක් එකතු කරන්න හැකියාවක් තියෙනවා.ඉතින් Halogens බල්බ යොදනා කාමරයකට ඕනෑම වර්ණයක් ආලේප කල හැකිය.

හිරු එළිය අනුව වර්ණ ගැලපීම

 

නිවසේ උතුරට මුහුණලා ඇති කාමර සදහා

මෙම කාමරවලට ලැබෙන හිරු එලිය ස්වභාවයෙන්ම සිසිල් සහ නිල් පැහැයෙන් යුක්තයි.මෙම කාමර වලට ගැලපෙන්නේ තද වර්ණ නිසා උතුරු ප්‍රදේශයට මුහුණලා තියෙන කාමර වලට තද වර්ණ ආලේප කරන්න

 

දකුණට මුහුණලා ඇති කාමර සදහා

 

නිවසේ දකුණු පෙදෙසට සිසිල් හා උණුසුම් යන ආලෝක දෙවර්ගයම ලැබෙනවා.ඉතින් ඔබට පුළුවන් දකුණු පෙදෙසේ බිත්ති වලට ඕනෑම වර්ණයක් ආලේප කරන්න

 

නැගෙනහිර දෙසට මුහුණලා ඇති කාමර සදහා

 

නිවසේ නැගෙනහිර පෙදෙසට ලැබෙන හිරු එලිය උදේ සහ සවස් කාලය අනුව වෙනස් වෙනවා. නැගෙනහිර පෙදෙසට ලැබෙන හිරු එලිය උදේ වරුවේදී උණුසුම් හා කහ පැහැයෙන් යුක්ත වන අතර පසුව දහවල පසු වී යන විට නිල් පැහැයට හැරේ.ඒ නිසා නැගෙනහිර පිහිටා ඇති කාමර වල බිත්ති වලට රතු, තැඹිලි සහ කහ වර්ණ බොහෝ සෙයින් ගැලපෙනවා

 

බටහිර දෙසට මුහුණලා ඇති කාමර සදහා

 

බටහිර දෙස ඇති කාමරවලට සවස් වරුවේ ලැබෙන ස්වභාවික ආලෝකය උණුසුම් නිසා කුමන වර්ගයක වර්ණයක් බිත්ති වල ආලේප කර තිබුනත් එය සවස් වරුවේදී සුන්දරව දිස් වෙනවා