fbpx
Monday, August 8, 2022
Home / Gardening  / ඔබේ ගෙවත්තේ වගා කරන්න කලින් දැනගත යුතු දේවල් මෙන්න.

ඔබේ ගෙවත්තේ වගා කරන්න කලින් දැනගත යුතු දේවල් මෙන්න.

මේ දවස්වල හැමෝම ගෙවතු වගාව ගැන කතාබහ වෙනවා. ඔබේ ගෙවත්ත විශාල හෝ කුඩා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් එළවලු පළතුරු වගා කරද්දී ඔබේ හිතුමනාපෙට වගා කරන්න එපා. ඔබේ ගෙවත්තේ මොනවා වගා කළත්. ඊට කලින්

මේ දවස්වල හැමෝම ගෙවතු වගාව ගැන කතාබහ වෙනවා. ඔබේ ගෙවත්ත විශාල හෝ කුඩා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් එළවලු පළතුරු වගා කරද්දී ඔබේ හිතුමනාපෙට වගා කරන්න එපා. ඔබේ ගෙවත්තේ මොනවා වගා කළත්. ඊට කලින් මෙන්න මේ කරුණු ගැනත් දැනගෙන ඉන්න.

 

 

 

 

– මුලින්ම ඔබේ භුමියේ පසේ ස්වභාවය, ජල වහන රටාව, ජල සැපයුම ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා.

 

– ඔබේ ගෙවත්ත පිහිටා තිබෙන්නේ, වියළි කලාපයේ ද තෙත් කලාපයේ ද අතර මැදි කලාපයක ද යන්න සහ වර්ෂාව ලැබෙන රටාව ආදිය ගැන ඔබ දැනගත යුතුයි.

 

– ඒ වගේම ඔබේ ප්‍රදේශයේ හොඳින් වැවෙන බෝග මොනවාද කියලා අවට ඉඩම් ආශ්‍රයෙන් හඳුනා ගන්න.

 

– ගෙවත්තේ ස්වභාවය අනුව කෙටිකාලීන සහ දිගුකාලීන බෝග තෝරා ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් එළවළු, ධාන්‍ය වර්ග, රනිල බෝග ලෙස ගැනෙන අතර ගස්ලබු, අඹ, දෙහි, දොඩම්, දෙළුම්, කෝපි ආදි දිගුකාලීන බෝග ලෙස ගැනෙනවා.

 

– වියළි කාලවල දී වඩා හොඳින් වැවෙන බෝග වැසි කාලයට උචිත වන්නේ නැහැ.

 

– වැසි කාලවලදී දිලීර රෝග වැළඳීමේ හැකියාව වැඩි නිසා ඊට ඔරොත්තු දෙන බෝග තෝරා ගන්න.

 

– එක් එක් බෝගයකින් කොපමණ ප්‍රමාණයක් වවනවාද යන්න, ඉඩමේ ප්‍රමාණය, ස්වභාවය තේරුම් ගන්න ඕන.

 

– ගෙවත්තේ එළවළු වගා කිරීමේදී එක් බෝග වර්ගයක් ඊළඟ වතාවේත් එම ස්ථානයේම වගා කිරීමෙන් වළකින්න. මොකද විවිධ බෝගවල වර්ධනයට පසෙහි තිබිය යුතු පෝෂණ අවශ්‍යතාව විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්.

 

– එක වර්ගයක එළවළු බීජ සියල්ල එකවර පැළ කිරීම වෙනුවට, මුලදී බීජ යම් ප්‍රමාණයක් සිටුවා සති 2-3-4කට පසු ඉතිරිය සිටුවන්න. එමඟින් මගින් ඔබට එහි අස්වැන්න ඔබට දීර්ඝ කාලයක් පුරාවට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

 

– එකම ඉඩ කඩක බෝග කීපයක් වැවීම මඟින් කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වගා කළ හැකියි.