fbpx
Tuesday, August 9, 2022
Home / Gardening  / ගෙදර ගෙවත්තේ ලේසියෙන්ම වගා කරන හැටි මෙන්න

ගෙදර ගෙවත්තේ ලේසියෙන්ම වගා කරන හැටි මෙන්න

මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.ඔබත් ඉන්නේ ගෙදර.ඉතින් ගෙදර නිකන්ම ඉන්නේ නැතුව ඔබටත් පුළුවන් අනාගතය වෙනුවෙන් යමක් කරන්න.ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ නිවසේ අලුත් වගාවක් පටන් ගන්න.ගෙදරට අවශ්‍ය එළවලු ,පළතුරු වර්ග ගෙදරදීම සකස් කරගන්න.ඉතින්

මේ දවස් වල හැමෝම ඉන්නේ ගෙදරට වෙලා.ඔබත් ඉන්නේ ගෙදර.ඉතින් ගෙදර නිකන්ම ඉන්නේ නැතුව ඔබටත් පුළුවන් අනාගතය වෙනුවෙන් යමක් කරන්න.ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ නිවසේ අලුත් වගාවක් පටන් ගන්න.ගෙදරට අවශ්‍ය එළවලු ,පළතුරු වර්ග ගෙදරදීම සකස් කරගන්න.ඉතින් ඒ නිසා අද අපි කතා කරමු ලේසියෙන්ම ගෙදර වගාවක් කරගන්නේ කොහොමද කියලා.

වම්බටු

 

හැමෝම වගා කරන්න පටන් අරන් නිසා වම්බටු බීජ හොයාගන්න අමාරු වෙන්න පුළුවන්.හැබැයි වම්බටු බීජ නැත්තෙමත් නැහැ.

 

– මුලින්ම හොදට පැහුණු සහ ටිකක් වියළුණු ගතියක් තියෙන වම්බටු ගෙඩියක් ගන්න.

– ඊටපස්සේ කැමති පැත්තකින් කපලා වම්බටු ගෙඩියේ මැද හරියේ තියෙන බීජ ටික ගන්න.

– ඒ බීජ ටූත් පික් එකක් හරි එහෙම නැතිනම් පිහි තුඩක් හරි අරගන්න.

– ඊළඟට ගත්ත වම්බටු බීජ හොදින් සෝදාගන්න.

 

 

දැන් කරන්න තියෙන්නේ තවානක් හදලා බීජ තවාන් කරන එක.ඊටපස්සේ කොල වල 3ක් වගේ පැලයක් හැදෙනකොට බදුනක හිටවන්න.පැල ගොඩක් හැදිලා තියෙන නිසා පැල දෙක බැඟින් එක බඳුනක පැල කරන්න.ඒ විදිහට හදාගෙන උදේ හවස වතුර දාන්නත් අමතක කරන්න එපා.

 

ඊළඟට වම්බටු පැල හොඳින් වැඩීගෙන එනකොට එක එක වර්ග වල පණුවෝ ඇති වෙනවා.එහෙම ඇති වෙන පණුවෝ වර්ගයක් තමයි කරල් විදින පනුවා.මේ පණුවෝ ඇති වෙන එක නතර කරගන්න මේ spray එකට පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

– කොහොඹ කොල හෝ ඇට 250g

– සබන් හෝ ෂැම්පු හැන්දක්

– වතුර 1L

 

කොහොඹ කොල හෝ ඇට අරගෙන කොටලා යුෂ ගන්න. ඊට පස්සේ සබන් හෝ ෂැම්පු හැන්දක් එක්ක වතුර 1 ලීටරයකට දිය කරලා ස්ප්‍රේයර් එකක් අරන් හොදට ගහ තෙමෙන්න spray කරන්න.

 

ළූණු

 

 

දැන් ළූණු හිඟ නිසා ගාණත් වැඩි වෙලා. ඉතින් ගෙදරට ගේන ළූණු ටික මදි වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ගෙදරදීම ළූණු වවාගන්න.

 

මේකට අවශ්‍ය වෙන්නේ

 

– 2l හෝ ඊට වැඩි හිස් ප්ලාස්ටික් බෝතලයක්

– කම්බියක්.

– ලොකු ළූණු හෝ රතු ළූණු

 

වගා මාධ්‍යය විදියට.

 

 

– කොම්පෝස්ට් 1: පස් 1: වැලි 1/4

– ඉවතදාන තේ කුඩුත් එකතු කරන්න පුළුවන්

 

ඊටපස්සේ බෝතලේ කපාගන්න.

 

 

– යටින්ම වතුර බැහැලා යන්න සිදුරු කීපයකුත් හදන්න. සිදුරු සකස් කර ගැනීමේදී හිටවන්න යන ළූණු ගෙඩි වල ප්‍රමාණය ගැන හිතන්න අමතක කරන්න එපා.

– ඊටපස්සේ තෝරා ගත් වගා මාධ්‍ය වලින් තට්ටුවක් + ලූණු බල්බ කපාගත්ත සිදුරු වලට (ලූණු ගෙඩියේ උල වගේ තියෙන උඩ පැත්තෙන් 1/6ක් විතර කපලා හිටවන්න)

– මේ විදියට බෝතලේ උඩටම හිටවන්න පුළුවන්.

 

– ඊටපස්සේ අව්ව වැටෙන තැනකින් තියලා වතුර දාන්න.