fbpx
Friday, August 5, 2022
Home / How To  / නිවසක් Rent එකට දෙන්නේ කොහොමද?

නිවසක් Rent එකට දෙන්නේ කොහොමද?

නිවසකට යන්න අදහසක් කරනවා නම් දැන් ඉන්න නිවසට කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා.නිකන්ම නිවස පරණ වෙන්න දෙනවද.නැත්නම් විකුනනන්වද?එහෙමත් නැත්නම් කුලියට දෙනවද?අලුත් ගෙදරකට යනවා නම් දැනට තියෙන නිවාස නිකන්ම පාලුවට යන්න දෙන්න නැතුව විකුනන්න හරි

නිවසකට යන්න අදහසක් කරනවා නම් දැන් ඉන්න නිවසට කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා.නිකන්ම නිවස පරණ වෙන්න දෙනවද.නැත්නම් විකුනනන්වද?එහෙමත් නැත්නම් කුලියට දෙනවද?අලුත් ගෙදරකට යනවා නම් දැනට තියෙන නිවාස නිකන්ම පාලුවට යන්න දෙන්න නැතුව විකුනන්න හරි එහෙමත් නැත්නම් කුලියට දෙන්න හරි ඔබට පුළුවන්.විකුනනවා නම් ඔබ ඔබට අවශ්‍ය සහ වටිනාකමට සරිලන මුදලකට නිවස විකිණීම සිදු කරන්න.හැබැයි ඔබ නිවස rent එකට දෙනවා නම් ඒ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ.

 

පළමු පියවර

 

 

සාමාන්‍යයෙන් නිවසක් rent එකට ලබා දීමට පෙර මුලින්ම කල යුතු වන්නේ අයදුම්පතක් පුරවා දීමයි. ඒ වගේම යම් ගාස්තුවක්ද ලබා ගත හැකියි. අයදුම්පත පිරවීමේදී එහි සඳහන් විය යුතු තොරතුරු වන්නේ,

 

නම
වර්තමාන ලිපිනය
දුරකථන අංකය
e – mail ලිපිනය
රියදුරු බලපත්‍ර අංකය
රැකියා සහ ආදායම් තොරතුරු
හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගත හැකි වෙනත් අයගේ දුරකථන අංක
වාහන පිලිබඳ තොරතුරු
අපරාධ චෝදනා හෝ පෙර බංකොලොත්භාවය පිළිබඳ ප්‍රශ්න ඇතුළු පසුබිම් තොරතුරු

 

ඔබ නිවස rent එකට දීමට පෙර මේ සියලු තොරතුරු දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි.ඒ වගේම නිවස කුලියට ගන්නා පුද්ගලයා හට අදාළ rent මුදල දැරිය හැකි මට්ටමක පවතිනවාද යන්නද සොයා බැලිය යුතුයි.

 

සේවාදායකයා පිළිබඳව සොයා බලන්න

 

 

ගොඩක් වෙලාවට නිවෙස් ගැනීමට අදහස් කරන පුද්ගලයින් ඔබ නොදන්නා අය. සමහර අය ඔබ දන්නා පුද්ගලයින් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ අය ගැන හොඳින් සොයා බලන්න. ඒ වගේම නියමිත වෙලාවට නිවසේ rent එක ගෙවිය හැකිද යන කාරණය පිළිබඳවද සොයා බලන්න. එම පුද්ගලයින් සේවය කරන ආයතනය වැනි දේවල් පිලිබඳ සොයා බලන්න

 

Rent එක කීයද?

 

 

නිවසක් Rent එකට දෙන්න කලින් කලින් Rent මුදල් ගැන Idea එකක් ගන්න ඕනේ.නැත්නම් ඔබට හිතෙන මුදල නිවසේ වටිනාකමට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.එහෙම නැත්නම් ඔබ සිතා කියන මුදලට ඔවුන් අකැමති නම් නිවස rent එකට දෙන්න බැරි වෙන්නත් පුළුවන්.ඒ නිසා අවට තිබෙන ස්ථාන වල සාමාන්‍ය rent මුදල ගැන සොයා බලන්න.ඒ විදිහට සොයා බලා ගැලපෙන මුදල rent එක සඳහා ලබා ගන්න.