fbpx
Sunday, August 7, 2022
Home / How To  / විකුනන්න කලින් නිවසේ වටිනාකම වැඩි කරන්න හැටි.

විකුනන්න කලින් නිවසේ වටිනාකම වැඩි කරන්න හැටි.

ඉන්න තැනින් තවත් තැනකට යන්න කලින් දැන් ඉන්න නිවස විකුනන්න ඕනෙනේ. හැබැයි ඔබ වැඩි කාලයක් ජිවත් වුණ නිවස විකුණන්න හදන්නේ දැන් තියෙන විදිහටමද? එහෙමත් නැත්නම් නැවත පිළිසකර කරලද? හැබැයි ඔබ නිවස විකිණීමේදී වැඩි මුදලකට විකිණීමේ

ඉන්න තැනින් තවත් තැනකට යන්න කලින් දැන් ඉන්න නිවස විකුනන්න ඕනෙනේ. හැබැයි ඔබ වැඩි කාලයක් ජිවත් වුණ නිවස විකුණන්න හදන්නේ දැන් තියෙන විදිහටමද? එහෙමත් නැත්නම් නැවත පිළිසකර කරලද? හැබැයි ඔබ නිවස විකිණීමේදී වැඩි මුදලකට විකිණීමේ අදහස තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිවස නැවතත් පිළිසකර කිරීමට අවශ්‍යයි. විකුනන්න කළින් නිවසේ වටිනාකම වැඩි කරගන්න කල හැකි බොහොමයක් දේ තිබෙනවා

 

නිවස පරික්ෂාව

 

ගෙදර පිළිසකර කිරීමට පෙර අනිවාර්යයෙන්ම මේ වන විට නිවසේ තත්වය පරික්ෂා කල යුතුයි. ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහය ලබා ගැනීම වඩාත් වැදගත් වෙනවා. මොකද ඔබට නොපෙනෙන බොහෝ දේ ගෘහ නිර්මාණ ශිල්පියාට සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා එකම ගෘහ නිර්මාණ ශිල්පියෙක් මාර්ගයෙන් පමණක්ම පරික්ෂා කර ගැනීම සිදු කරන්න එපා. ඒ සඳහා වඩාත් හොඳ ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් මාර්ගයෙන් හෝ පරික්ෂා කරවා ගන්නවා නම් තමයි ගොඩක් හොඳ.

 

විදුලි පද්ධතිය

 

සාමාන්‍යයෙන් කාලයක් යනකොට නිවසේ විදුලි පද්ධතියට යම් යම් හානි සිදු වී තියෙන්න පුළුවන්. ඉතින් නිවසක් තවත් කෙනෙක්ට විකිනීමට පෙර අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා නිවසේ විදුලිය සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා ඒ සඳහා පළපුරුද්දක් ඇති පුද්ගලයෙක් මාර්ගයෙන් පරික්ෂා කරවා ගන්න. මොකද ඔබ නොදන්නා විදුලි කාන්දු, පරිපත බිඳීම්, ජල කාන්දු වගේ සොයාගත නොහැකි විශාල ගැටළු සොයා ගැනීමට විශේසඥ්ඥ දැනුම ඔවුන් සතුව තිබෙන නිසා. හැබැයි මේ දේවල් නොසලකා හැරලා හිටියොත් නම් මේ පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න වෙලා හිතනවටත් වඩා වැඩි මුදලක් වියදම් කරලා නැවත පිළිසකර කරන්න සිද්ද වෙනවා

 

Painting

 

ඔබේ නිවස අලුත්ම විදිහට ගැනුම්කරු හට ලබා දීමට නම් නිවස නැවත paint කර ගැනීම කල යුතුයි. මොකද මොන දේවල් නැවත නිර්මණය කලත් නිවස paint නොකළහොත් එහි අඩුවක් පෙනෙනවා. ඒ වගේම අලුත් පෙනුමක් ලබා ගන්නත් බැරි වෙනවා. නිවසට අලුත් පෙනුමක් ගන්න නම් paint කරන්නම ඕනේ.

 

නිවසේ දොර ජනෙල්

 

නිවසේ ආරක්ෂාව සඳහායි දොර ජනෙල් නිර්මාණය කරන්නේ. ඒ නිසා දිඟු කාලයක් යනකොට දොර ජනෙල් වල ප්‍රමිතිය අඩු වෙනවා. මොකද දොර ජනෙල් නිර්මාණය කරන්නේ ලී, ප්ලාස්ටික් වගේ දේවල් වැලි නිසා දිඟු කාලයක් පවත්වා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් නිවසක් අලුත් පෙනුමකට විකුනන්න හිතනවා නම් දොර ජනෙල් කියන හැම දෙයක්ම අලුතින්ම නැවත යෙදිය යුතුයි

 

මුළුතැන්ගෙ

 

සාමාන්‍යයෙන් නිවසක් මිලදී ගැනීමේදී ගැනුම්කරුවෙක් විශේෂයෙන්ම අවදානය යොමු කරන්නේ නිවසේ kitchen එක දෙසටයි. ඒ නිසා නිවසේ kitchen එක ගැනත් හොඳ අවදානයකින් කටයුතු කල යුතුයි. ඉතින් නිවසට අලුත් පෙනුමක් ගන්න ඕනේ නම් මුළුතැන්ගෙයි අලුත්වැඩියා කටයුතු සිදු කරන්න අවශ්‍යයි. නැවත අලුත්වැඩියා කිරීමට අවශ්‍ය නැත්නම් තියෙන දේවල් නැවත පිරිසිඳු කර සකස් කරන්න