fbpx
Wednesday, August 3, 2022
Home / Home Decor  / නිවසට තිර රෙදි දැමීමේදී සැලකිලිමත් විය යුතුම දේවල්.

නිවසට තිර රෙදි දැමීමේදී සැලකිලිමත් විය යුතුම දේවල්.

සාමාන්‍යයෙන් ඔබ ඔබේ නිවසේ සුන්දරත්වය පිළිබඳව නිතරම සිතනවා. ඉතින් අපි අපේ ගෙදර ලස්සන කරන්න මොනවද කරන්නේ

සාමාන්‍යයෙන් ඔබ ඔබේ නිවසේ සුන්දරත්වය පිළිබඳව නිතරම සිතනවා. ඉතින් අපි අපේ ගෙදර ලස්සන කරන්න මොනවද කරන්නේ…. paint කරනවා. විවිධ විලාසිතා වලින් යුතු දොර, ජනෙල් නිර්මාණය කරනවා. ඒ වගේම විවිධ අලංකාර විලාසිතා සහ වර්ණයන්ගෙන් යුතු තිර රෙදි වර්ගත් නිවසට යොදනවා. හැබැයි ඒ තිර රෙදි දැමීමේදී නම් ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. එම කරුණු කිහිපය පහතින් දැක්වෙනවා.

 

01) වර්ණය

තිර රෙදි දැමීමේදී එහි වර්ණය පිලිබඳ සැලකිලිමත් විය යුතුයි. එහිදී සැලකිලිමත් විය යුතු කරනු කිහිපයක් තිබෙනවා. තිර රෙදි දමන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අඩූ නම් ලා පැහැ වර්ණයද, ඉඩ ප්‍රමාණය වැඩිනම් තද පැහැ වර්ණ ද භාවිත කිරීම කල යුතුයි.
සාමාන්‍යයෙන් ඉඩ ප්‍රමාණය අඩූ ස්ථාන සඳහා තනි පැහැ වර්ණයන් භාවිත කිරීමෙන් නිවසේ ඉඩ ප්‍රමණය වැඩියෙන් පෙන්වනවා

 

ඒ වගේම තිර රෙදි සැකසීමේදී බිත්තියේ වර්ණය, ගෘහ භාණ්ඩවල වර්ණය, ටයිල් වල වර්ණය ගැන සැලකිලිමත් විය යූතුය. එම වර්ණයන්ට ගැලපෙන අයූරින් තිර රෙදි වල වර්ණය තෝරාගත යූතුයි.

 

නිවසක තිර දැමීමේදී ඇසට වෙහෙස කර බව ලබාදෙන වර්ණ තෝරා ගැනීමෙන් වැලකිය යූතුය.විසිත්ත කාමරයේ සහ මුළුතැන් ගෙයි සඳහා තනි පැහැ රෙදි වර්ග භාවිතා කරන්න.බේබි කාමර සඳහා ළමයින්ගේ මෝස්තර සහිත රෙදි භාවිත කරන්න.

 

02) ආලෝකය

 

නිවසක් තුළ අනිවාර්යයෙන් හොඳ ආලෝක තත්ත්වයක් පැවැතිය යුතුයි.
නිවස තුළට ලැබෙන ආලෝක ප්‍රමාණය හොඳ මට්ටමක තියෙනවා නම් තද පැහැ වර්ණ ගලපාගෙන තිර රෙදි දැමීමේ හැකියාව තිබෙනවා

 

හැබැයි ඔබ කරන නිර්මාණයෙන් නිවස තුළට ලැබෙන ආලෝකය අවම කිරීමක් නොකළ යූතුය.
ආලෝකය අඩූ ස්ථානවලට ලා පැහැ රෙදි පමණක් යොදන්න. එයින් අඳුරු බව අවම කරන්න පුළුවන්.