fbpx
Thursday, August 4, 2022
Home / Gardening  / නිවස ඉදිකිරීමේදී ඔබටත් නොදැනීම සිදුවන වැරදි මොනවාද ?

නිවස ඉදිකිරීමේදී ඔබටත් නොදැනීම සිදුවන වැරදි මොනවාද ?

නිවසක් ඉදි කරන්න කලින් සිතිය යුතු දේවල් බොහොමයක් පවතිනවා,එහිදී ඔබ සැලකිලිමත් විය යුතු විශේෂම දේ වන්නේ වාස්තු විද්‍යානුකුලව කොහොමද නිවස නිර්මාණය කරන්නේ කියන එක.බොහෝ දෙනා වාස්තු විද්‍යාවට අනුව නිවස නිර්මාණය කලත් ඔබ නොදැනුවත්වම සිදු වන

නිවසක් ඉදි කරන්න කලින් සිතිය යුතු දේවල් බොහොමයක් පවතිනවා,එහිදී ඔබ සැලකිලිමත් විය යුතු විශේෂම දේ වන්නේ වාස්තු විද්‍යානුකුලව කොහොමද නිවස නිර්මාණය කරන්නේ කියන එක.බොහෝ දෙනා වාස්තු විද්‍යාවට අනුව නිවස නිර්මාණය කලත් ඔබ නොදැනුවත්වම සිදු වන බොහෝ වැරදි පවතිනවා.එලෙස ඔබ වරද්දා ගන්නා කරුණු කිහිපයක් ගැන ඔබට මේ ලිපියෙන් දැනගැනීමේ හැකියාව තිබෙනවා .

 

01) නව භූමි සුද්ද කිරීම

 

නිවස ඉදිකිරීමේදී ප්‍රථමයෙන් නිවස ඉදි කරන භූමිය සුද්ද පවිත්‍ර කර ගත යුතු වෙනවා.හැබැයි ඔබ සුද්ද පවිත්‍ර කිරීමේදී නිවස ඉදිකරන භූමිය අපවිත්‍ර නොවන ආකාරයට එය සිදු කල යුතුයි.නමුත් එම භුමිය හෙළි පෙහෙළි කිරීමට පෙර මේ සඳහා ගැලපෙන නැකතක් බැලිය යුතු වෙනවා.එසේත් නොමැති නම් ඔබ කල යුත්තේ ඒ සඳහා ඉරිදා සහ අඟහරුවාදා දිනයන් නොමැතිව සතියේ අනෙකුත් දිනයන්වලදී රාහු කාලය පන්නලා එම කටයුත්ත සිදු කිරීමයි.

 

02) මල් පැල සකස් කිරීම

 

නිවස ඉදිකිරීමට ප්‍රථම අනිවාර්යයෙන්ම මුල් ගල තැබීම සිදු කරනවා.ඊට ප්‍රථම බහිරව පූජාව සිදුකරනු ලබන අතර ඉඩමේ හතර කොණ සහ බ්රහ්ම පාදය මත මල්පැල ඉදි කිරීම සිදු කරනු ලබනවා.නමුත් එහිදී කපු මහතුන් විසින් මල්පැල සඳහා වූ කණු භූමිය හාරා එහි සිටුවීම නිවැරදි කටයුත්තක් නම් නෙමෙයි.එහි දී ඔබගේ ඉඩමේ කණු සිටුවා අවසන් වෙනවා.මේ නිසා ඉඩමේ පළමු කුඤ්ඤය සිටුවීම නැකතට සිදුකිරීමට ප්‍රථම භූමියේ කණු සිටුවීම නොකළ යුතුයි.බහිරව පූජාව සඳහා මල්පැලට අවශ්‍ය කණු භූමියේ සිටුවීම නොකළ යුතු අතර එම කණු එකට බැඳ සකස් කිරීම තමයි හරිම ක්‍රමය වෙන්නේ.

 

03) හට් වැනි දේ සකස් කිරීම

 

 

බොහෝ වෙලාවට සිදු වන්නේ නිවස නිර්මාණය කරන අයට සිටීම සඳහා හට් වැනි දේ නිර්මාණය කිරීමයි.නමුත් එහිදී ඔබ හොඳින් සිතා බැලිය යුතු කාරණාවක් තිබෙනවා.යම් භූමියක සිදුකරන මුල්ම ඉදිකිරීම සුබ මුහුර්තයකින් සිදුකළ යුතු අතර සේවක හට් ඉදිකිරීමෙන් පසු ඔබගේ භූමියේ නැකතට කණු සිටුවූවාට එය බලවත් වන්නේ නැහැ.මේ හේතුවෙන් ඔබ කල යුත්තේ මුල් ගල තැබීමෙන් අනතුරුව සේවක හට් වැනි දේ නිර්මාණය කිරීමයි.නමුත් ඔබට මුල් ගල තැබීමට පෙර මෙය සිදු කිරීමට අවශ්‍ය වෙනවා නම් සුභ මුහුර්තියක් බලා ගෘහමුලිකයා විසින් එහි කටයුතු ආරම්භ කල යුතුයි.ඉඩමේ ගිණිකොණ හෝ වයඹ දිශාවෙන් එම ඉදිකිරීම් ඉදිකළ යුතු අතර ඊශාන හෝ නිරිත දිශාවේ සේවක හට් ඉදි නොකළ යුතුයි.

 

04) මුල් ගල තැබීම

 

නිවසට මුල් ගල තැබීම කියන්නේ නිවසක් ඉදිකිරීමේදී සිදු කරන වැදගත්ම කටයුත්ත.සාමාන්‍යයෙන් වර්තමානයේ සිදු වන්නේ මුල් ගල තැබීමට දින කිහිපයකට හෝ ප්‍රථම වෙළඳපොලෙන් මුල් ගලක් මිලදී ගැනීම සිදු කිරීමයි.නමුත් එය ඉතාමත් වැරදි සහගත කටයුත්තක් වෙනවා.මේ නිසා ඔබ නිවසට තබන මුල්ගල නිවැරදි ආකාරයට සකසා නිවැරදිව පේ කර තැබීමට වගබලා ගන්න.එසේ නොමැති නම් ඔබ තබන මුල්ගල තැබීමෙන් කිසිඳු ප්‍රතිඵලයක් නොමැති වෙයි.නමුත් වාස්තු විද්‍යාවට අනුව සකස් කරන ලද මුල්ගලක් තැබීමෙන් නිවසට වාසනවා ගෙන ඒමට හැකි වෙයි