fbpx
Thursday, August 4, 2022
Home / Home Decor  / නිවසක් ඉදිකිරීමේදී ඔබ නොදැන සිදු වන වැරදි මෙන්න.

නිවසක් ඉදිකිරීමේදී ඔබ නොදැන සිදු වන වැරදි මෙන්න.

හැමෝම කැමති තමන්ගේම කියල නිවසක් ගොඩ නඟාගෙන නිදහසේ කාලය ගත කරන්න.නමුත් සමහර වෙලාවට ඔබ නොදැනුවත්වම ඔබ අතින් වැරදි සිදු වෙන්න ඉඩ තියෙනවා.සමහරවිට ඒ ඔබේ නොසැලකිල්ල වෙන්නත් පුළුවන්.ඉතින් අපි බලමු එලෙස සිදු වන නීතිමය කරුණු මොනවද

හැමෝම කැමති තමන්ගේම කියල නිවසක් ගොඩ නඟාගෙන නිදහසේ කාලය ගත කරන්න.නමුත් සමහර වෙලාවට ඔබ නොදැනුවත්වම ඔබ අතින් වැරදි සිදු වෙන්න ඉඩ තියෙනවා.සමහරවිට ඒ ඔබේ නොසැලකිල්ල වෙන්නත් පුළුවන්.ඉතින් අපි බලමු එලෙස සිදු වන නීතිමය කරුණු මොනවද කියලා.

01) ඉඩමක් මිලදී ගැනීමට ඔඑර ඉඩම සම්බන්ධව නිරවුල් ඔප්පු තියෙනවද කියලා බලන්න.ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මඟින් මේ පිලිබඳ වැඩි දුර සොයා බලන්න පුළුවන්.

 

02) නිවසට පිවිසීමේ මාර්ගය පිලිබඳ සටහනක් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න.

 

03) නගර සභා සහ ප්‍රාදේශීය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කිරීමට නොහැකි වීමට ඔබේ නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වන ගොඩනැඟිල්ලේ සැලසුමක් නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගන්න.

 

නිවාස සැලසුම් අනුමත කර ගැනීමෙන්,


– හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කරන්න පුළුවන්.

– මුල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු සැලසුම අනිවාර්යයෙන් එදිරිපත් කල යුතු නිසා ඒවා ඉදිරිපත් කිරීමේදී ගැටළු ඇති වන්නේ නැහැ.

– වෙනත් ඉදිකිරීම් සඳහා ඔබේ නිවස කඩා ඉවත් කිරීමට සිදු වුවහොත් වන්දි ලබා ගැනීමට එම සැලසුම ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා.

04) ප්‍රාදේශීය සභා සීමාවක නම් වැසිකිලි වල සහ ලිඳ අතර අවම අඩි 40ක් වත් දුරක් තිබිය යුතුයි.

 

05) ඉඩම් වල මායිම් වෙන් කර ඇති නිසා නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමේ හැකියාව නොමැති අතර ඉඩම් කට්ටි කිරීමේදී යොදා ගන්න මායිම් ගල් ගැලවීමට හෝ වෙනස් කිරීමේ හැකියාව නැහැ.

 

06) නිවසේ සෑම කාමරයකම බිත්ති වල වර්ග ප්රමාණය මෙන් 1/8ක් ප්‍රමාණයක් දොර, ජනෙල් විවෘත විය යුතුය.එසේ නොහැති අවස්ථා වලදී මැද මිදුලක් නිර්මානය කර වාතාශ්‍රය සඳහා ජනේල තැබිය හැක.

 

07) ප්‍රාදේශීය සභා සීමාවක නිවසට පිවිසෙන මාර්ගයේ මධ්‍ය ලක්ෂයේ සිට ගොඩනැඟිල්ලට ඇති දුර අවම අඩි 20 ක්වත් විය යුතුයි.

 

08) ගොඩනැඟිල්ලේ වහලයේ මායිමේ සිට අනිත් ඉඩමේ මායිමට ප්‍රාදේශීය සභා සීමාවක අවම අඩි7 ක් තිබිය යුතු අතර ජනෙල් හෝ දොරවල් නොමැති හිස් බිත්තියක් පමණක් නම් අඩි 5ක් විය යුතුයි.