fbpx
Tuesday, August 9, 2022
Home / Astrology  / නිදන කාමරයට ෆෙංෂුයි රහස්.

නිදන කාමරයට ෆෙංෂුයි රහස්.

නිදන කාමරය කියන්නේ නිවසක වැදගත් ස්ථානයක්.එයට හේතු වන්නේ ඔබේ සිතේ ගතේ වෙහෙස නිවා ගන්නට හැකි එකම ස්ථානය වන්නේ එය නිසා.ඉතින් නිදන කාමරය කියන්නේ නිවසේ සුවිශේෂී ස්ථානයක් කියලා දැන් ඔබ දන්නවා.ඒ නිසා ඔබේ නිවසේ නිදන කාමරය

නිදන කාමරය කියන්නේ නිවසක වැදගත් ස්ථානයක්.එයට හේතු වන්නේ ඔබේ සිතේ ගතේ වෙහෙස නිවා ගන්නට හැකි එකම ස්ථානය වන්නේ එය නිසා.ඉතින් නිදන කාමරය කියන්නේ නිවසේ සුවිශේෂී ස්ථානයක් කියලා දැන් ඔබ දන්නවා.ඒ නිසා ඔබේ නිවසේ නිදන කාමරය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.ඒ සඳහා වැදගත් වෙන ෆෙන්ෂුයි රහස් කිහිපයක් ඔබට කියන්නම්.

 

01) ඇඳ යට

 

නිවසක ඇඳ යට අනිවාර්යයෙන්ම පිරිසිඳුව තිබිය යුතුයි.නමුත් බොහෝ නිවෙස් වල ඇඳන් යට බඩු පුරවාගෙන සිටීමට පුරුදු වී තිබෙනවා.මීට අමතරව නිදන ඇඳත් සමඟ කබඩ් තිබීමද සුදුසු වන්නේ නැහැ.ඒ නිසා ඇඳ යට කිසිවක් තබන්නේ නැති නම් හොඳයි.

 

02) හිස තැබීම

 

ඔබ හිස තබන ප්‍රදේශයේ කුමක් හෝ උස් පුවරුවක් තිබිය යුතුයි.ඒ වගේම ඔබ හිස තබාගෙන සිටින පැත්තේ පිටුපසින් ජනේලයක් තිබීමද හිතකර වන්නේ නැහැ.ඇඳ කාමරයේ දොර අසල තැබීම සුදුසු නොවන අතර දොර සහ ඇඳ අතර සැලකිය යුතු දුරක් තිබිය යුතුයි.ඔබේ නිදන ඇඳ නිවසේ බාල්කයට යටින් තිබීමද සුදුසු වන්නේ නැහැ.

 

03) බිතු සිතුවම්

 

බොහෝ නිවෙස් වල නිදන කාමර තුල විවිධ අලංකාරයෙන් යුත් කලා නිර්මාණයන් එල්ලා තිබෙනවා.එහිදී පවුලේ සාමාජිකයන්ගේ, ආදරණීයයන්ගේ පින්තුර, ආගමික පින්තුර සහ ජලය වැනි දේ ඇති නිර්මාණ එල්ලා තබන්න එපා.ඒ වෙනුවට ඇදපු චිත්‍ර වැනි දේ තැබීම ඉතාමත් හොඳයි.

 

04) කාමරයට අනවශ්‍ය දේවල්

 

– ශාක තබා ගැනීම සුදුසු නොවේ
– ඇද පෙනෙන ලෙස කන්නාඩි නොතබන්න
– ඔබට අවශ්‍ය නොවන භාණ්ඩ නිදන කාමරයේ තබා ගැනීමෙන් වලකින්න
– එහිදී රූපවාහිනි, පරිඝනක ආදිය තබන්න එපා
– මාළු ටැංකි සහ ජලය ආශ්‍රිත පින්තුරද තැබීම සුදුසු නොවේ