fbpx
Friday, August 5, 2022
Home / Gardening  / නිවසේ පරිසරය රැකගන්න.

නිවසේ පරිසරය රැකගන්න.

නිවසක් වුනහම නිවසේ ඇතුලත වගේම පිටත පෙනුම ගැනත් සිතීමට අවශ්‍යයි.එයින් ඔබේ නිවසේ සුන්දරත්වය වගේම සෞඛ්‍ය අතිනුත් හිතකර ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.ඒ වගේම ඔබගේ සුන්දර නිවස තව තවත් සුන්දර කර ගැනීමෙන් ලැබෙන වාසිත් සුළුපටු නැහැ. ඉතින්

නිවසක් වුනහම නිවසේ ඇතුලත වගේම පිටත පෙනුම ගැනත් සිතීමට අවශ්‍යයි.එයින් ඔබේ නිවසේ සුන්දරත්වය වගේම සෞඛ්‍ය අතිනුත් හිතකර ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.ඒ වගේම ඔබගේ සුන්දර නිවස තව තවත් සුන්දර කර ගැනීමෙන් ලැබෙන වාසිත් සුළුපටු නැහැ. ඉතින් ඔබේ සොඳුරු නිවහනේත් සුන්දරත්වය රැක ගන්නවා නම් මේ දේවල් අත්විඳින්න හැකියාවක් ලැබෙනවා.

01) නිවසක ආකර්ෂණීය පෙනුම හා හැඩය බොහෝදුරට එහි ඉදිරිපසින් පෙන්නුම් කෙරේ.ඒ සඳහා නිවැරදි වාස්තුව හා සිත් ඇදගන්නා පරිසරය නිවස ඉදිරිපස තිබිය යුතුය.නිවස ඉදිරිපස අඳුරු ස්වභාවය,මඩ හා ජලය රැඳි වළ ගොඩැලි, රෙදිවැල්, දිරූ ගස් වර්ග,අත්හැරදැමූ පැරණි නිවසක් හෝ බිත්ති අත්තිවාරම් කොටසක්, මේ ආදි නොයෙකුත් අසුබ වූ අනවශ්‍ය දේ තිබීමෙන් නිවස හිමියාට දියුණුවට බාධා ගෙනදීම ස්වභාවයෙන්ම සිදුවේ.

02) විශේෂයෙන් ලෙඩදුක් නිතර ඇතිවීමත්, සම්පත් හීනවීමත් නිසා ජීවිතය අතිශයින් කටුක තත්වයට පත්වේ. එම නිසා නිවස ඉදිරිපස ඉහත කී අසුබ දේවලින් තොරව පරිසරයට පිරිසුදුව තබා ගැනීමත් ආකර්ෂණීය තත්වයට පත් කර ගැනීමත් අනිවාර්යයෙන් සිදුවිය යුතුයි

03) නිවසක් නිර්මාණය බොහෝදුරට මනුෂ්‍යයාට හිතකර පරිදි සකස් විය යුතු ආකාරය වාස්තු ගැළපීම් ඒ අංශවලට නියම කර ඇත.ඒවාට විරුද්ධව පිටුපා නිවස ඉදිකිරීමෙන් සිදුවන අනර්ථකාරී විපත් කරදරද පෙන්වා දී ඇත.නිවසක බොහෝ කොටස් නිවැරදිව සකස් විය යුතු.ඒ අනුව මා මෙම ලිපියෙන් පෙන්වාදෙනු ලබන්නේ නිවසේ ඉදිරිපස වාස්තු විද්‍යාවට අනුකූල ලෙස සකස්විය යුතු ආකාරය හා ආකර්ෂණීය ඉදිරිපස පරිසරය සම්බන්ධවයි.