fbpx
Saturday, August 6, 2022
Home / Home Decor  / ඔබේ නිවසේ ආරක්ෂාව තහවුරුද ?

ඔබේ නිවසේ ආරක්ෂාව තහවුරුද ?

ඔබේ ඔබේ ආරක්ෂාව ගැන නිතරම හිතනවා.ඒ වගේම ඔබේ පවුලේ ඉන්න අනිත් අය ගැනත් විමසිල්ලෙන් තමයි ඉන්නේ.ඒ හැමදේමත් එක්ක නිවසේ ආරක්ෂාව ගැන හිතුවද ?මොකද නිවස කියන්නේ ඔබට තියෙන ආරක්ෂිතම තැන.එහෙම වුනත් ඔබේ නිවස ආරක්ෂා කර ගැනීමට

ඔබේ ඔබේ ආරක්ෂාව ගැන නිතරම හිතනවා.ඒ වගේම ඔබේ පවුලේ ඉන්න අනිත් අය ගැනත් විමසිල්ලෙන් තමයි ඉන්නේ.ඒ හැමදේමත් එක්ක නිවසේ ආරක්ෂාව ගැන හිතුවද ?මොකද නිවස කියන්නේ ඔබට තියෙන ආරක්ෂිතම තැන.එහෙම වුනත් ඔබේ නිවස ආරක්ෂා කර ගැනීමට කිසිවක් කර නොමැති නම් එයින් ඔබට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා නිවසක් ගොඩනැඟීමේදී එහි ආරක්ෂාව පිළිබඳව හොඳින් සිතා බැලිය යුතුයි.

01) දොර ජනෙල් පිළිබඳව

නිවසේ දොර ජනෙල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශය වැදගත් දෙයක්. විශේෂයෙන් ඉදිරිපස දොරේ ශක්තිමත් බව හා සරනේරු පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. සරනේරු සම්බන්ධයෙන් මෙන්ම නිවසේ අනෙක් දොර ජනෙල් වල ශක්තිමත් බව පිළිබඳවද අවධානය ඉතා වැදගත්. මේ නිසා නිතර නිතර මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට අවශ්‍යයි.

02) ගරාජාය් ආරක්ෂාව.

ගරාජයේ දොර සම්බන්දයෙන් ඇත්තේ ඉතා අඩු අවධානයක්. එහෙත් ඒ පිළිබඳවද අනිවාර්යයෙන් අවධානය යොමු කළ යුතුමයි. මොකද ගරාජයේ තියෙන්නේ වටිනාකමින් වැඩි දෙයක්. මේ නිසා නිවසේ වාහනය පිළිබඳව අවධානයක් හා ආරක්ෂාවක් තිබිය යුතුමයි. ඒ වගේම ගරාජයට සතුන් ඇතුළු වීමටත් හැකියාව තිබෙන නිසා ඒ ගැනත් සිතන්න.

03) වැහිපීලි පිරිසිදු විය යුතුමයි

සතියකට වතාවක් වැහිපීලි පිරිසිදු කිරීමට පියවර ගත යුතුයි. එය නිවසේ ආරක්ෂාවට මෙන්ම පිරිසිදු බවටත් බලපානාවා. මැසි මදුරුවන් බෝ වීම මේ නිසා වලකිනවා.

04) ජල කරාම

නිවසේ වතුර කාරාමවල තියෙන් කාන්දු වීම් නිවැරදි කිරීම හරහා ඉතුරවක් සේම පහසුවක්ද සැලසේනවා. පිරිසිදු බවත් ආරක්ෂා වෙනවා.