fbpx
Friday, August 5, 2022
Home / Home Decor  / අළුත් ගෙදර මුළුතැන්ගේ පිරිසිඳු බව රකින හැටි.

අළුත් ගෙදර මුළුතැන්ගේ පිරිසිඳු බව රකින හැටි.

ඔබේ අලුත් ගෙදර පිරිසිඳුව තියෙනවා නම් ඒක ඕනෙම කෙනෙක්ට ප්‍රියමනාප දෙයක්.නිවසට එන කෙනෙක්ට වුනත් අකමැත්තක් නැතුව ආහාර ගන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙනවා.ඉතින් පිරිසිදු මුළුතැන් ගෙයක් කියන්නේ පවුලක් නිරෝගීව තියන්න පුළුවන් ස්ථානයක්. මොකද ගෙදර හැමෝටම ආහාර

ඔබේ අලුත් ගෙදර පිරිසිඳුව තියෙනවා නම් ඒක ඕනෙම කෙනෙක්ට ප්‍රියමනාප දෙයක්.නිවසට එන කෙනෙක්ට වුනත් අකමැත්තක් නැතුව ආහාර ගන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙනවා.ඉතින් පිරිසිදු මුළුතැන් ගෙයක් කියන්නේ පවුලක් නිරෝගීව තියන්න පුළුවන් ස්ථානයක්. මොකද ගෙදර හැමෝටම ආහාර පිසෙන්නේ මුළුතැන්ගෙයි. ඉතින් එය අපිරිසිඳු වුනොත් ඔබේ නිවසේ අයගේ ආහාර වලට විෂබීජ එකතු වෙලා ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්.ඒ නිසා නිවසේ අනෙක් කොටස් වගේම මුළුතැන්ගෙයත් හොඳින් පිරිසිඳු කරනකොට මේ විදිහට කරන්න

01) සතියකට වරක්.

සතියකට වරක් වත් මුළුතැන් ගෙය හොඳින් පිරිසිදු කිරීම කළ යුතුමයි. ඒ වගේම තමයි මෙහිදි මුළු මුළුතැන්ගෙයම පිරිසිදු කිරීම වැදගත් වෙනවා. මෙහිදි බිත්ති කබඞ් හොඳින් පිසදා පිරිසිදු කිරීම වගේම ගෑස් උදුන හොදින් පිසදා පිරිසිදු කිරීමත් කළ යුතුයි. ශීතකරණයේ ඇති එළවළු පළතුරු ආදිය ඉවත් කර එයක් පිරිසිදු කළ යුතුයි. මේ මගින් මුළුතැන් ගෙයට විවිධ කෘමින් බෝ විමත් වලක්වා ගන්න පුළුවන්

02) ගෙබිමේ පිරිසිදු බව

මුළුනැන් ගෙයි ගෙබිම පිරිසිදු කිරීම හරිම වැදගත්. අපිරිසිදු ගෙබිමක් සහිත මුළුතැන් ගෙයක් කියන්නේ දකින්නත් අප‍්‍රසන්න දෙයක්. මේ නිසා ගෙබිම දිනපතා අතුගා පිරිසිදු කිරීම වගේම සතියකට වරක් වත් mop කිරීමත් වැදගත්.ඒ වගේම දින දෙකකට වරක් වත් සින්ක් හොඳින් මැද පිරිසිදු කළ යුතුයි. පිඟන් කොප්ප නම් දිනපතාම පිරිසිදු කරන්න ඕන.